සමාජ මාධ්‍ය තහනම ඉවතට


(තිළිණි ද සිල්වා)

වට්ස් ඇප්, ෆේස්බුක්, වයිබර් ආදී සමාජ මාධ්‍ය වෙත පිවිසීමට කර තිබූ තහනම වහාම ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියා සිටී.
 
ඉකුත් 21 වැනිදා සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් 21 වැනිදා දහවල් සිට මේ දක්වාම මෙම සියලු සමාජ මාධ්‍ය ජාලා වාරණය කිරීමට රජය කටයුතු කර තිබිණි.