සම්බන්දන් අභාවප්‍රාප්ත වෙයි


(යොහාන් භාසුර)

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා අද (30) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

රෝගාතුරව සිටි සම්බන්දන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 91 වැනි වියේ පසුවිය.

සම්බන්දන් මහතා මෙම වසර මුල දක්වා දෙමළ ජාතික සන්ධානයේ නායක ලෙස ද කටයුතු කළ අතර ඒ මහතා 2015 වසරේ සිට වසර කීපයක් විපක්‍ෂ නායකයා ලෙස ද කටයුතු කළේය.