(බදුල්ලේ පාලිත ආරියවංශ)
පුද්ගලයෙකු විශ්‍රාම ගොස් සතියක් තුළ සිය අර්ථසාධක පාරිතෝෂිකය ලබාදීමේ වැඩපිළිවෙළක් ලඟදීම සකස් කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති රවීන්ද්‍ර සමරවීර මහතා අද (31) බදුල්ලේදී පැවසීය.
සේවා නියුක්තිකයන්ගේ භාර කාර අරමුදල් මණ්ඩලය 5 වසර සමත් දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීමේ දිරිදරු හරසර නැමැති වැඩසටහන යටතේ ඌව පළාතේ සිසුන් 346 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය බදුල්ල පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඇමැතිවරයා මෙසේද පැවසීය.
‘‘මේ සඳහා අවශ්‍ය අණ පනත් සකසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.
දැනට පවතින තත්ත්වය අනුව ඇතැම්විට විශ්‍රාමිකයා මිය යනතෙක්ම සිය පාරිතෝෂිකය යන තෙක්ම ලබා ගැනීමට නොහැකි වන අවස්ථා තිබෙනවා. එය කණගාටුදායක තත්වයක්... මේ තත්ත්වය පිටු පිටුදැකීම සඳහා නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා...‘‘ යැයිද පැවසීය.

