සමස්ත ලංකා සුවසේවා සේවකයෝ පාරට බති


(ශාන්ත රත්නායක)

විශේෂ කොවිඩ් අනතුරු දීමනාව , වහා ලබාදෙන ලෙසත් උපස්ථායක ස්ථාන මාරු , ඇතුළුව පොරොන්දු වූ නිල ඇදුම් දීමනාව රුපියල් 12000 වහා ලබා දෙන ලෙස රජයට බලකරමින් සමස්ත ලංකා සුවසේවා සංගමය සංවිධනය කරන ද උද්ඝෝෂණයක් අද (31) කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැත්විය

එහිදී විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ යෙදුනහ.