(අංජුල මහික වීරරත්න)
ආසන මට්ටමින් ජනතා සංසද පිහිටුවීම හා සමගි ජන බලවේගයට ගොස් නැවත එක්සත් ජාතික පක්ෂයට එන පිරිස බඳවා ගැනීමේ කටයුතු තවත් කඩිනම් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට අද උපදෙස් දුන්නේය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වලට අනුව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඉකුත් සතියේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතා සංසද පිහිටුවීම සහ පක්ෂයට නැවත පැමිණෙන පිරිස බඳවා ගැනීමේ කටයුත්තෙහි නිරත විය.
ඊට අමතරව වයඹ සහ උතුරුමැද පළාත් වල ඉහත කටයුතු කඩිනමින් කිරීමේ වගකීම පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතාට පවරනු ලැබ තිබේ.
ගාල්ල මාතර හම්බන්තොට අයත් දකුණු පළතේ ජනතා සංසද පිහිටුවීමේ සහ පක්ෂයට යළි පැමිණෙන පිරිස බඳවා ගැනීමේ වගකීම පවරා ඇත්තේ පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාටයි.
බස්නාහිර පළාතේ ජනතා සංසද පිහිටුවීම සහ නැවත පක්ෂයට එක්වන අය බඳවා ගැනීමේ වගකීම නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර,උපනායික අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල සඳහන්ය.
උතුරු පළාතේ පක්ෂ සංවිධාන කටයුතු මෙහෙයවීමේ වගකීම ලබන සතියේ දී බාර දීමට අපේක්ෂිතය.

