
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කෝප් කමිටුව සදහා එහි සභාපතිවරයාගේ පුත්‍රයා සහභාගී වී ඇත්තේ ස්ථාවර නියෝග අනුව බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.
රණතුංග මහතා මේ බව කීවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) පාර්ලිමේන්තුවේදී මතු කළ පැනයකට පිළිතුරු දෙමිනි.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා:-
මෙතුමා චෝදනා කරන මන්ත්‍රීතුමා මේ සභාවේ නෑ. ඒ සභාවේ නැති අවස්ථාවකදී මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් කතා කරන එක සාදාචාර නෑ. විපක්ෂ නායකතුමා එකඟ වෙනවා නම් වරප්‍රසාද ප්‍රශ්නයක් හැටියට අහන්න. ඒක වරප්‍රසාද කමිටුවට දාන්න. ස්ථාවර නියෝග අනුවයි කටයුතු කරලා තිබෙන්නේ. නැත්තම් අපි වැරදි දෙයක් කළා කියලා රටට වැරදිම දෙයක් යනවා.

