
(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් නිසා යයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
තමයි ඉවත් නොවී දිගටම සිටියා නම් පක්ෂයේ කිසිවෙකුට මීළඟ මැතිවරණය සඳහා ඡන්දය ඉල්ලීමට නොහැකි වන බව පැවසු සිරිසේන මහතා ඒ අනුව තමා ගැන සිතා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් ගැන සිතා එම තීරණය ගත් බවද කිය.
තමාගෙන් පසු එම සභාපති ධුරයට ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පත් කරනු ලැබුවේ ආණ්ඩුවට ගොස් සිටින අනිකුත් අය අතර සුදුස්සකු නොසිටි නිසා යයිද හෙතෙම කීය.
හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ගාල්ල කරන්දෙනිය ප්‍රදේශයේ අද (17)පැවති රැස්වීමක් අමතමිනි

