සබරගමුව සරසවියේ තවත් සිසුන් 4ක් පොලිසියට බාරවෙති


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක  වඳය ලබා  දිමේ  සිද්ධියට  සම්බන්ද  තවත්  ජේෂ්ඨ සිසුන්  04කු  අද (05) සවස  අත්අඩංගුවට ගෙන  ඇතැයි  සමනල  වැව  පොලිසිය  පවසයි.

නවක  වඳය ලබා  දිමේ  සිද්ධිය  සම්බන්දයෙන්   සිසුන්ගෙන්   ඉකුත්  දා  ප්‍රකාශ  සටහන් කර ගැනිමෙන් පසු  සමනල වැව  පොලිසියේ  ස්ථානාධිපති  ප්‍රධාන  පොලිස් පරික්ෂක  රවින්ද්‍ර ජයතිස්ස මහතාගේ උපදෙස්  පරිදි  පොලිස්  විශේෂ කාර්යාංශය  මගින් සිදුකල  විමර්ශන  වල  ප්‍රතිපලයක් ලෙස  මෙම  සිසුන්  සිව්දෙනා නිතිඥවරයෙකු මාර්ගයෙන් සමනල  වැව පොලිස් ස්ථානාධිපතිවරයා  වෙත  භාර  වු  බව  පොලිසිය  පැවැසීය.

මෙම  නවක වදය  සිද්ධිය  සම්බන්දයෙන්   අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  පරික්ෂණ  සිදු  කරන  බැවින්  එම  සිසුන්   සිවි දෙනා  අපරාධ  පරික්ෂණ    දෙපාර්තමේන්තු‌වේ  නිළධාරින්   විසින්  අත්අඩංගුවට  ගෙන ප්‍රකාශ  සටහන් කර ගනිමින්  සිටිති.

එම ජේෂ්ඨ සිසුන් සිවිදෙනා බලන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට හෙට (06) ඉදිරිපත්  කිරිමට නියමිතව ඇත.

මේ අතර  මිට පෙර  අත්අඩංගුවට  ⁣ගත් සැකකාර  සිසුන්   සිවිදෙනෙකු බලන්ගොඩ ⁣ මහෙස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත්  කිරිමෙන්  පසු  ලබන  16 දක්වා රක්ෂිත බන්ධනාගාර  ගත  කර ඇත.