සබරගමුව විශ්ව විද්‍යාලයේ පීඨ කීපයක් හෙට සිට ඇරැඹේ


(ප්‍රින්ස් රත්නායක)

සබරගමුව විශ්ව විද්‍යාලයේ පීඨ කීපයක අධ්‍යයන කටයුතු හෙට  (19) සිට ආරම්භ කරන බව උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා සඳහන් කරයි.

තාක්ෂණ පීඨයේ පලමු වසර ( 2018 / 2019 අධ්‍යන වර්ෂය ) සිසුන් සඳහා අධ්‍යන කටයුතු 2021 අප්‍රේල් මස 19 වන දිනත්, ව්‍යවහාරික විද්‍යා පීඨය, කෘෂි විද්‍යා පීඨය, සමාජ විද්‍යා හා භාෂා පීඨය සහ භුවිඥාපන පීඨවල පලමු වසර සිසුන් සඳහා 2021 අප්‍රේල් 20 දිනත් කළමළණාකරන අධ්‍යන පීඨයේ පලමු වසර සිසුන් සඳහා 2021 අප්‍රේල් 24 දිනත් ආරම්භ කිරීමට නියමිතය.

එම පීඨයන්හි අදාළ වසරෙහි සිසුන් තම පීඨයේ අධ්‍යන කටයුතු ආරම්භ කරන දිනට පෙර දින නේවාසිකාගාර වලට වාර්තා කිරීමට කටයුතු කරන ලෙස  උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා දන්වා සිටියි.