සබරගමු පළාත් අධ්‍යාපන කාර්යාලයේ තීරණයකට ගුරු විරෝධයක්


(ලසන්ත නිරෝෂණ පෙරේරා )                                   
 
රුවන්වැල්ල රාජසිංහ මධ්‍යම මහා  විදුහලේ සිසුවෙකු එහි ගුරුවරයෙකුට පහරදිමෙන් පසු එම සිසුවා පාසලෙන් ඉවත් කිරිමට විනය මණ්ලය ගත් තීරණය වෙනස් කරමින් සබරගමු පළාත් අධ්‍යාපන කාර්යාලය  සිසුවා පාසලට ඇතුළත් කිරිම ගැන  විරෝධය පළකරමින් එම විදුහලේ  ගුරුවරුන් අද  (25 ) සේවයට වාර්තා නොකළහ. 
 
විදුහලේ ගුරුවර ගුරුවරියන් 137 දෙනාම මෙම විරෝධතාවයට එක්වු බව අධ්‍යපන වෘත්තීකයින්ගේ සංගමයේ ලේකම්  වසන්ත ධර්මසිරි මහතා පැවසීය.
                                                                                                               
මෙම විදුහලේ උසස් පෙළ සිසුවෙකු එහි  ගුරුවරයෙකුට පහරදිමේ සිද්ධියකින් පසු පාසලේ විනය මණ්ඩලය තීරණය කර ඇත්තේ  සිසුවා පාසලෙන් ඉවත් කිරිමටය.        
 
එම තීරණය ඉවත් කරමින් සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් සිසුවා පාසලට ඇතුළත් කිරිමට නිර්දේශ කර තිබේ.
 
ඒ අනුව සිසුවා පෙරේදා 24 පාසලට පැමිණ ඇති බව අධ්‍යාපන වෘත්තීකයින්ගේ සංගමයේ ලේකම්වරයා පැවසිය .
 
එම සිසුවා නැවත පාසලට ඇතුළත් කිරිම  ගුරුවරයාගෙන් සමාව ඉල්ලා  ගුරුවරයෙකුට පහරදිමේ ආදීනව කියාදි  ක්‍රමවේදයකට අනුව සිදු කළානම් ඊට විරුද්ධ නොවෙන නමුත් සිසුවාගැන නිසියාකාරව විනය පරික්ෂණයක් සිදු නොකර ඔහු නැවත පාසලට ඇතුළත් කිරිම සුදුසු නොවෙන නිසා මෙම විරෝධතාවය පැවත්වු  බව අධ්‍යාපන වෘත්තීකයින්ගේ සංගමයේ ලේකම්වරයා පැවසිය