සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියාවිරහිත වෙයි


(යොහාන් භාසුර)

මාස දෙකට පසුව සෙනසුරාදා (28) නැවත ආරම්භ කළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කාර්මික දෝෂයක් හේතුවෙන් අද (30) පෙරවරුවේ ක්‍රියාවිරත වූ බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සුළු තාක්‍ෂණික දෝෂයක් වාර්තා වී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ශිල්පීන් එය යථාතත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.