සඳුදා සිට සරසවි යළි ඇරැඹේ



 
(ඩයනා උදයංගනී)
 
සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ලබන සඳුදා (17)  සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්  සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා  පැවසීය.
 
විශ්වවිද්‍යාල ආරම්භ වීමෙන් අනතුරුව ද සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුව කටයුතු කළ යුතු බව ද සභාපතිවරයා සඳහන් කළේය.
 
පසුගිය ජූලි මස 15 වන දින සිට වෛද්‍ය පීඨවල 3 වන වසරේ විභාග ක්‍රමනුකූලව පැවැත් වු බව කී සභාපතිවරයා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අන්තර් ජාලය හරහා පැවැත් වු අධ්‍යයන කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි ද කීවේය.
 
මෙතෙක් නේවාසිකාරවල එක් කාමරයක එක් සිසුවෙක් පමණක් සිටි නමුත්, අධ්‍යයන කටයුතු ආරම්භ වීමෙන් පසුව සාමාන්‍ය පරිදි නේවාසිකාගාරවල නවාතැන් පහසුකම් සලසා දෙන බව ද ඔහු කියාසිටියේය.
 
සභාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.