
(ගයාන් සූරිය ආරච්චි)
සතුන් දඩයම් කිරීම සඳහා බඳින තුවක්කුවක් ඇටවීමට යාමේදී කලින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයකු ඊයේ (18) මිය ගොස් ඇතිබව සියඹලා ආණ්ඩුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ සියඹලාන්ඩුව, ගලයාගේ වත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා සියඹලා ආණ්ඩුව, සූරියතලාව හේන් යායක් මැදින් ගමන් කිරීමේදී මෙම බඳින තුවක්කුව පත් වී ඇති බවත් එම බඳින තුවක්කුව ඔහු විසින්ම ඇටවූවක් බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

