සත්ව සංගණනයේ තොරතුරු එළියට


(යොහාන් භාසුර)

මෙරට ගොවිබිම් සහ ගෙවතු ආශිතව රිලවුන් මිලියන 5.17 ක් ලක්‍ෂ 50 කට අධික සංඛ්‍යාවක් සහ වඳුරන් මිලියන 1.74 ක් හෙවත් ලක්‍ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් සත්ව සංගණනයේදී හෙළි වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.  

දඬු ලේනන් මිලියන 2.66 ක් හෙවත් ලක්‍ෂ 30 කට ආසන්න සංඛ්‍යාවක් සහ මොණරුන් මිලියන 4.24 ක් හෙවත් ලක්‍ෂ 40 කට අධික සංඛ්‍යාවක් සිටින බවත් එම නිලධාරියා කීය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය විසින් නිකුත් කිරීමට නියමිත සත්ව සංඝණන වාර්තාවෙන් මෙම තොරතුරු හෙළි වූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.