(අංජුල මහික වීරරත්න)
රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බලන්නට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදත් (26)ගියේය.
ප්‍රේමදාස මහතා හිටපු ජනාධිපතිවරයාගේ සුව දුක් බලන්නට ගියේ හතරවන වරටයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා කීවේ තර්ජන ගර්ජන මර්දන හරහා විපක්ෂය විනාශ කිරීමේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක බවයි. මේ තර්ජන ගර්ජන මර්දනයට බිය නොවන බවද විපක්ෂ නායකවරයා එහිදී කීය.
ඕනෑම අභියෝගයකට මුහුණ දී ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ අරමුණින් ජනතාව සමග එකට එකතු වී ශක්තිමත් නායකත්වය හා මගපෙන්වීම ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

