සජිත් ආණ්ඩුවේ හොඳක් කියයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

බහු කාර්ය නිලධාරීන් 4500ක් ස්ථිර කිරීමට රජය කටයුතු කර තිබෙන අතර ඊට ස්තුතිය පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

"ස්වේච්ඡා සංචාරක  මාර්ගෝපදේශකයන් දහසක් සිටිනවා. ඔවුන් සම්බන්ධවත් අවධානය යොමු කරන්නැයි සජිත් ප්‍රේමදාස මහතා එහිදී ඉල්ලා සිටියේය.

"අද රට මුහුණ දෙන අභියෝග පිළිබඳව මේ ආණ්ඩුවට අවබෝධයක් නෑ.33%කින් විදුලි බිල අඩු කරන බව ඡන්දෙට පෙර ප්‍රකාශ කළා.දැන් ආණ්ඩුව  18% කින් විදුලි බිල වැඩි කරන්න යෝජනා කරනවා. මේ සමගම ජල බිලත් වැඩි කරනවාද කියා අප අහනවා.අද තියෙන්නේ සුළං විදුලියට ,පුනර්ජනනීය බල ශක්තියට විරුද්ධව ක්‍රියාත්මක වන රජයක්. අයි.එම්.එෆ් ගිවිසුම ගෙඩිය පිටින් ක්‍රියාත්මක කරන්න මේ ආණ්ඩුව කටයුතු කළා.විදුලි බිල වැඩි වන්නේත් අයි.එම්.එෆ් කොන්දේසියක් අනුවයි යනුවෙන්ද ප්‍රේමදාස මහතා කීය.