(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගය සදහා නව ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් 31 දෙනෙකු අද (29) පත් කරනු ලැබීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙයට අදාළ පත්වීම් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පිරිනැමිණ.
ආසන සංවිධායකවරුන් දාහත් දෙනෙකුට සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් දාහතර දෙනකුට මෙම පත්වීම් ප්‍රදානය කළ බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
සමගි ජන බලවේගය සඳහා නව ආසන සංවිධායකවරුන් 107 දෙනෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරු අටදෙනෙකු මෙයට පෙර පත් කරනු ලැබීය.
පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සහ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ආසන සංවිධායක දැනුවත් කිරීමද මෙහිදී සිදු කෙරිණ.
මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබන්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන් අැතුලු පිරිසක් එක්ව සිටියහ.

