සජබ සටන ජනවාරියේ


(සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගය ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරුද්ධව  ලබන ජනවාරියේ සිට  වැඩ පිළිවෙලක් අරඹන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

ආණ්ඩුවට විරුද්ධව සටන් කරන්න සමගි ජන බලවේගයට ක්‍රමවේදයක් සහ කාල සටහනක් තිබෙනවා. සමගි ජන බලවේගය කටයුතු කරන්නේ ඒ අනුවයි. සමගි ජන බලවේගය ජනවාරියෙන් පසුව  කරන වැඩපිළිවෙළ ඉදිරියේදී දැනුම් දෙනවා. ඒ වගේම රට හදන ආකාරය පිළිබඳවත් සමගි ජන බලවේගය අධ්‍යයනයක නිරත වෙනවා.