(පද්මසිරි ගාර්දියවසම්)
නීති විරෝධී අයුරින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නිල මුද්‍රාවක් ළඟ තබාගත් පුද්ගලයෙක් රන්න ප්‍රදේශයේදී (9) පෙරවරුවේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යාංශය විසින් අත් අඩංගුවට ගනු ලැබීය
සැකකරු ළඟ තිබී නිල මුද්‍රාවට අමතරව බෝර 12 ජීව උණ්ඩ දෙකක්ද සොයාගත් බව පොලිසිය පවසයි.
සැකකරු රන්නේ පදිංචි 30 හැවිරිදි අයෙකි. ඔහු ස.ජ.බ හිටපු ප්‍රාදේශීය සංවිධායකවරයෙකුගේ ළඟම හිතවතෙකු බව පොලිසිය පවසයි
සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සදහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යාංශය විසින් හුංගම පොලිසියට බාර දී තිබේ . තංගල්ල කොට්ඨාස බාර ජෙශ්‍යඨ් පොලිස් අධිකාරි කේ .බී .කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේෂ් චින්තක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සැකකරු අත් අඩංගුවට ගත්හ.

