සඟවා තිබු වියළි කහ කිලෝ 430 ක් සිලාවතුරෙන් හමුවෙයි




( රොමේෂ් මධුෂංඛ)
 
මන්නාරම සිලාවතුර මුහුදු ප්‍රදේශයේ කලපුවක සඟවා තිබූ වියලි කහ කිලෝ 430 ක් යුද හමුදාවේ මන්නාරම කොමාන්ඩා බලකා සෙබලුන් හා යුද හමුදා බුද්ධිඅංශ නිලධාරීන් පිරිසක් විසින් අද (01) අලුයම සොයාගනු ලැබීය.
 
මන්නාරම 54 වන සේනාංකයේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසකට ලැබුනු තොරතුරකට අනුව සිලාවතුර කොණ්ඩංචි කලුපවක අදාල කහ තොගය සඟවා තිබී ඇති අතර පසුව සිලාවතුර යුද හමුදා කොමාණ්ඩෝ බලකායේ 3 වන රෙජිමේන්තුවේ භට පිරිසක් විසින් අදාල කහ කිලෝ  430 ක තොගය සොයාගනු ලැබීය.

එම කහ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව රැගෙනවිත් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමට සැලසුම් කොට තිබූ බවටද අනාවරනය වී ඇත.
 සොයාගත් කහ තොගය බොට්ටුවක ආධාරයෙන් ගොඩබිමක් වෙතට රැගෙන ඒම සිදු කරල අතර කහ තොගය සැඟවූ පුද්ගලයින් සෙවීම සඳහා සහ වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා කහ තොගය හිලාවතුර පොලීසියට භාර දීමට යුද හමුදාව පියවර ගනු ලැබීය.