(සුජිත් හේවාජුලිගේ)
කොලොන්නාව මුතුරාජවෙල සපුගස්කන්ද ඇතුළු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩිපෝ වල ඇති තෙල් ප්‍රමාණයට වඩා වැඩි තෙල් ප්‍රමාණයක් රටේ වෙනත් තැන්වල පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
කවුරු මොනවා කිව්වත් ඇත්ත කතාව එය බවද හෙතෙම සඳහන් කළේය.
කොපමණ තෙල් පැමිණියත් අවශ්‍යතාවේ අඩුවක් සිදු වී නැතැයි පැවසූ අමාත්‍යවරයා ඉන්දියානු ණය වැඩපිළිවෙලේ අවසාන තෙල් නැව ලබන 16 වැනිදා පැමිණෙන බවද ප්‍රකාශ කළේය.
මෙයට අමතරව තවත් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට ඉන්දියාව සමඟ සාකච්ඡා කර ගෙන යන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.