සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

රුපියල් ලක්ෂ 8 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ අපරාධ සඳහා යොදා ගත් බවට සැක කරන හමුදා නිල ඇඳුම් කොටස් කීපයක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය  කියයි.

එම සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය  ග්‍රෑම් 40  ක් යුද හමුදාව පළඳින කලිසමට සමාන  කලිසමක්  මෙන්ම කැප් තොප්පියක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන ඇල්ටෝ ධර්මේ සහ රත්මලාන කුඩු අංජු නැමැත්තාගේ  මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට මෙහෙයවන සාමාජිකයකු බවත් පොලිසිය සඳහන් කරයි.