(ටී.කේ.ජී.කපිල )
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි පැවති " දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට " සහභාගී වීමෙන් අනතුරුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ජනාධිපතිවරයා මෙම සමුළුවට සහභාගී වීම සදහා ඉකුත් 30 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .

