සංචාරක ක්ෂේත්‍රයේ ණය පියවන්න ළඟදීම වැඩපිළිවෙළක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික   වීරරත්න )

සංචාරක කර්මාන්තයේ නිරතවූවන් ලබාගෙන ඇති ණය පියවීම සම්බන්ධයෙන් තිරසර විසඳුමක් ලබා දෙන   බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්  මහතා පාර්ලිමේන්තුවේදී අද  (20) පැවැසීය .

ලබා දෙන විසඳුම නුදුරේදීම ප්‍රකාශයට පත් කරන බවද හෙතෙම සඳහන් කළේය .

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .

මද්‍යසාර විකිණීම සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට කිසිඳු අයුරකින් කටයුතු නොකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී  කීවේය.

සුරාබඳු ආඥා පනතට සංශෝධන ගෙන එන්නේ දැයි   මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මෙහිදී විමසීය.

ඊට  පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ යම් හෙයකින් සුරාබඳු ආඥා පනත සංශෝධන කරන්නේ නම්  එහි අරමුණ ආදායම් උත්පාදනය පමණක්ම බවයි.