සංචරණ සීමා 25 ඉවත් කළත් සුරාසල් අරින්න බෑ


දිවයිනටම බල පැවැත්වෙන පරිදි දැනට පනවා ඇති සංචරණය සීමා ලබන 25 වැනි දා අලුයම 4.00 ලිහිල් කළ ද සියලු සුරාසල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමට මෙම පියවර ගත් බවද ඒ මහතා කියයි