(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංචරණ නීති කඩ කරමින් ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 829 ඉකුත් විසි හතර පැයේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
දිනකදි වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කියයි.
එයින් වැඩිම පිරිස මාතලේ ප්‍රදේශයෙන් පුද්ගලයන් 182 ,නිකවැරටියෙන් පුද්ගලයන් 179 ක් කොළඹ ප්‍රදේශයෙන් පුද්ගලයන් 72 ක් වශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
සංචරණ සීමා ක්‍රියාත්මක නොවන දිනකවත් මෙතරම් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන නැතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
ඉකුත් ඔක්තෝබර් 30 වැනි දින සිට මේ දක්වා පුද්ගලයන් 15595 ක් අත්අඩංගුවට ගෙන ඇත.

