
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වඩු කෝට්ටේ , මුරුන්කන් කෝවිල අසල පිහිටා ඇති සංඝමිත්තා බෝගස වසර 2000 කාලයක් ඉපැරණි බෝ ගසක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ දී පාගමනක් සහ මනිප්පායි වංකාණි බස් නැවතුම් පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත් වූහ.
වඩු කෝට්ටේ ,සුලිපුරම් හන්දිය අසල සිට මුරුන්කන් කෝවිල දක්වා පෙරේදා සවස පැවැති මෙම විරෝධතා පා ගමනට යාපනය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් ඇතුළු හැත්තෑ දෙනකු පමණ සහභාගී වී සිටි බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම විරෝධතා පා ගමන පවත්වනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් සිරිදරන් මහතාගේ සහභාගීත්වයෙනි
මෙම පුරාවිද්‍යා ගැසට්ටුව හකුළා ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස විරෝධතා පා ගමනේ නිරත වූ බව පොලිසිය කියයි.
මේ අතර මෙම බෝ ගස වසර දෙදහක් පැරැණි එකක් ලෙස නම් කර නිකුත් කර ඇති ගැසට්ටුව හකුලා ගන්නා ලෙසත් එය සිංහල ජාතියේ අයිතියක් ලෙස පවරා නොදෙන ලෙසත් ඉල්ලා මින්මනිපායි,සුලිපුරම් බස්නැවතුම් පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත් වූ බව මනිපායි පොලිසිය පවසයි.

