ශිෂ්‍යත්වය සමතුන්ට දෙන ශිෂ්‍යාධාරය 750 දක්වා ඉහළට


(රංජන් කස්තුරි)
 
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු දරුවන්ට රජයෙන් ලබාදෙන මාසික ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
 
ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල ශිෂ්‍යත්ව සමතුන්ට 6 වැනි ශ්‍රේණියේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දක්වා මාසිකව එම ශිෂ්‍යාධාරය හිමි වේ.
 
මෙතෙක් එම ශිෂ්‍යාධාරය රුපියල් 500ක් වූ අතර රුපියල් 750 දක්වා එය වැඩිකිරීමත් සමග රජයට වසරකට රුපියල් මිලියන 975ක් ඒ සඳහා වැයවේ.