ශිෂ්‍යත්ව පංති 31 රෑ සිට තහනම්


(රංජන් කස්තුරි)

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල උපකාරක පංති මේ මස 31 වැනිදින මධ්‍යම රාත්‍රී 12 න් පසුව විභාගය නිමවෙන තෙක් තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයට අදාලව උපකාරක පංති පැවැත්වීම විෂයානුබද්ධ දේශන , සම්මන්ත්‍රණ , වැඩමුළු පැවැත්වීම , ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා බෙදාහැරීම තහනම් බවද විභාග දෙපාර්තමේන්තුව කියයි.

තවද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල පෝස්ටර් , බැනර් අත්පත්‍රිකා බෙදා හැරීමද විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රචාරයක් කිරීමද එම කාලය තුළ තහනම් වේ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 4 වැනිදා පැවැත්වේ.