ශිත සෘතුවෙන් බේරෙන්න පෝලන්තයෙන් ලංකාවට


(ටී.කේ.ජී.කපිල )

ලොව පුරා ශීත ඍතුව එළඹීමත් සමඟම පෝලන්තයේ ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක සිට එරට සංචාරකයන් රැගත් ගුවන් යානා දෙකක් , ප්‍රථම මංගල ගුවන් ගමනෙහි නිරත වෙමින්, අද (31) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .         

පෝලන්තයේ එන්ටර් එයාර් නැමති ගුවන් සේවයට අයත් මෙම ගුවන් සේවා සමාගම මෙම ගුවන් ගමන සදහා බෝයිං - 737 වර්ගයේ ගුවන් යානා දෙකක් යොදවා තිබුණි .            

මෙහි පළමු ගුවන් යානය අද (31) දින උදෑසන 09.50 ට පෝලන්තයේ කටෝවිස් ( Katowice ) ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර, එම යානය ජල ආචාර ( wayer salute) පවත්වා උසස් අන්දමින් ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබීය .

මෙහි දෙවන ගුවන් යානය අද (31) දින දහවල් 11.00 ට පෝලන්තයේ වෝර්සෝ නුවර සිට ( Warsaw ) සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානා දෙකෙහි ගුවන් මගීන් 378 දෙනෙකු සහ නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 16 දෙනෙකු සිටියහ .

මෙම පෝලන්ත එන්ටර් එයාර් ගුවන් යානා සතියකට 8 වරක් පෝලන්තයේ කටෝවිස් සහ වෝර්සෝ යන ගුවන් තොටුපොළවල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .