ශානි අබේසේකරට කොරෝනා


( ජයන්ත සමරකෝන් )
 

මහර බන්ධනාගාර රෝහලේ  රඳවා සිටි  රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට  කොරෝනා  ආසාදිත වී ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුව ඒ මහතා ඊයේ (24) රාත්‍රියේදී  වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකර යවා ඇති අතර  හෙට (26 ) වැලිකන්ද  කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවීමට නියමිතය.

මහර බන්ධනාගාර රෝහලේ සිදු කරන ලද  පි සි ආර් පරීක්ෂණයකදී ශානි අබේසේකර මහතා සමඟ තවත්  රැඳවියන් 11 දෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි ද වාර්තා වේ.