(සුමිත් පොතුපිටිය )
පානදුර පෞද්ගලික ආයතනයක ශාඛා කළමනාකරුවෙකු ගමන්ගත් යතුරුපැදියක් පළතුරු ප්‍රවාහන කළ ලොරියකට යටවී සිදුවූ අනතුරකින් ඔහු මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ බොරලැස්ගමුව, වේරහැර ප්‍රදේශයේ පදිංචිව සිටී 40 හැව්රිදි හපුතන්ත්‍රිගේ මධුර කාරියවසම් නමැති එක්දරු පියෙකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා පානදුර දෙස සිට බණ්ඩාරගම දෙසට ගමන්කර ඇති අතර , වෑකඩ පිහිටි පානදුර ඩිපෝව ආසන්නයේ දී මාර්ගයේ පෙරලීගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයට යටවී අනතුර සිදුව ඇති බව පොලිසිය කීය.

