(විනීතා එම් ගමගේ)
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගත හැකි හොඳම විසඳුම වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහය දීම යැයි ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගත හැකි පියවර පහක් ඇති බවත් එයින් වඩාත් කාලීන හා බුද්ධිමත් පියවර වන්නේ පොදුජන පෙරමුණට සහය දීම බව තම සංගමයේ විධායක සභාව එක්ව තීරණය කළ බවත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කළේය.
මෙම තීරණය ලබන 30 දා රාත‍්‍රී රැස්වන පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන බව ද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් දෙපාර්ශවයම එකිනෙකාට ගරු කිරීමත් නම්‍යශීලී වීමත් එකට වැඩ කිරීමේ දී එන අභියෝග වටහා ගැනීමත් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව ද සියඹලාපිටිය මහතා කීය.
රංජිත් සියඹලාපිටිය මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඡායාරූප හා වීඩීයෝ - ශාන්ත රත්නායක


