ශ්‍රීලනිප- පොහොට්ටු ඡන්ද ලකුණ ගැන සාකච්ඡාව 30දා


(ජයන්ත සමරකෝන්)
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - පොදු ජන පෙරමුණ ඡන්ද ලකුණ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක සාකච්ඡාව මහගමසේකර මාවතේ ජනාධිපති නිල නිවසේදී සැප්තැම්බර් 30 වන දා රාත්‍රී 7.30ට පැවැත්වෙන බව එහි මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා අද(26) ඩාර්ලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
 
ශ්‍රීලනිප - පොහොට්ටු සාකච්ඡා අවසන් නැතැයිද, තවදුරටත් සාකච්ඡා පැවැත්වෙනු ඇතැයිද මන්ත්‍රීවරයා කීය.
 
පොදු ලකුණක් පිළිබඳව පක්ෂ සාමාජිකයින් ප්‍රාදේශීය දේශපාලනඥයින් ප්‍රබල හඬක් නගන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.