( තිළිණි ද සිල්වා )
කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයකුට කොරෝනා වයිරසය ආසාදනය වූ බවට වෛද්‍ය පරීක්ෂණ වලින් අද (12) තහවුරු වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියා සිටී.
ඔහුට බාහිර අයකුගෙන් මෙම වයිරසය වැළඳී ඇති බව විශ්වාස කරන අතර වැළඳී ඇති කාර්ය මණ්ඩල සාමාජිකයා සමඟ රාජකාරී කළ සේවකයින් 50 දෙනෙකු මේ වන විට පී.සී.ආර් පරීක්ෂණ වලට භාජනය කර ඇති අතර එහි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බවද එම සමාගම කියා සිටී.
එම සේවකයාට කොවිඩ්-19 පරීක්‍ෂණයක් සිදු කර ඇති බවත් එහි ප්‍රතිඵලය ධනාත්මක වූ බවත් එම කාර්ය මණ්ඩල සාමාජිකයා ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට රෝහල් ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කීය.
ආයතනය තුළ වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා රජයේ සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව සිය සේවකයින් ආරක්ෂා කිරීමට ගුවන් සමාගම සෑම පියවරක්ම ගෙන ඇති අතර සෞඛ්‍ය හා අනෙකුත් රජයේ ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දේ.

