ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මාසික ආදායම රු.60,000 ක්


(හර්ෂණ තුෂාර සිල්වා)

ලෝක බැංකුවේ නවතම ආදායම් වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර තිබෙන අතර ඒ අනුව එක් පුද්ගලයකු මාසිකව උපයන ආදායම ආසන්න වශයෙන් රුපියල් 60,000ක් වනු ඇත. 

ජූලි 1 වැනිදා වනවිට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 4,060ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 719,066ක්) දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේදී මෙරට ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 3,840ක් (ආසන්න වශයෙන් රුපියල් 680,000ක්) විය. 

ලෝක බැංකුව ලෝක ආර්ථිකය ආදායම් කණ්ඩායම් හතරක් යටතේ වර්ගීකරණය කරයි. මේ අනුව ඉහළ, ඉහළ මැදි, පහළ මැදි සහ පහළ ආදායම් යනුවෙන් රටවල් ආදායම් කාණ්ඩ හතරක් යටතේ වර්ග කරයි.

රටක ඒක පුද්ගල දළ ජාතික ආදායම පදනම් කරගනිමින් සෑම රටකම ජූලි 1 වැනිදා මෙම වර්ගීකරණය සිදු කරයි. ශ්‍රී ලංකාව මෙතෙක් සිටියේ පහළ මැදි ආදායම් මට්ටමේය. 

ශ්‍රී ලංකාවට මේ වනවිට ජී.එස්.පී. ප්ලස් තීරුබදු ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වීමත් සමඟ යුරෝපා සංගමයෙන් ලැබෙන එම සහනය අහිමි වනු ඇත.

ජී.එස්.පී. ප්ලස් සහනය හිමිවන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට නමුත් ලෝක බැංකුවේ වර්ගීකරණය අනුව ඉහළ මැදි ආදායම් මට්ටමේ සිටින රටවලට එම සහනය හිමි නොවේ.