ශ්‍රී ලංකාවට තරග මුදලින් සියයට 10 ක දඩයක්


(යොහාන් භාසුර)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව දිල්ලිහිදී ඊයේ (7) පැවැති තරගයේ මන්දගාමී පන්දු යැවීමට ශ්‍රී ලංකා පිලට තරග මුදලින් සියයට 10 ක දඩයක් පැනවීමට තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතා පියවර ගෙන තිබේ.

එම තරගයේදී ශ්‍රී ලංකා පිල නියමිත කාලයේදී ඕවර දෙකක් අඩුවෙන් සම්පූර්ණ කර තිබූ බව ද තරග තීරකවරයා පවසයි.