(ඩයනා උදයංගනී)
සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද (5) සිට මෙම මස 14 වැනිදා දක්වා සිදු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් ගමන් කිරීම සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ අනුව අද (5) දහවල් 12.13 ට තෙල්වත්ත, බද්දේගම, දෙදියවල, මුලටියන, අගුණකොලපැලැස්ස සහ උඩමලල යන ප්‍රදේශයන්ට ඉහළින් ඍජුවම හිරු මුදුන්වන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මේ අතරදිවයිනේ දිස්ත්‍රික්ක 10 කට අද (5) දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මුලතිව්, වව්නියාව, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල වැඩි උණුසුමක් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
මීට අමතරව සබරගමුව පළාතේත්, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද සවස් හෝ රාත්‍රී කාලයේ වැසි ඇති වන බවද එම ප්‍රකාශකයා කීය.

