
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටිගුවාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ බදාදා ක්‍රීඩාව නිමා වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 250 ක් ලබා සිටියේය.
කොදෙව් පිලේ මුල් ඉනිම ලකුණු 354 කට සීමා වූ අතර දෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම, කඩුලු 2 ක් අතැතිව, කොදෙව් පිලට වඩා ලකුණු 104 ක් පසුපසින් සිටියේය.
තරගයේ සවිස්තර වාර්තාව සඳහා පැතුම් නිස්සංක හුදකලා සටනක කියවන්න

