ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 7 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගත්තේය.
බංග්ලාදේශ කණ්ඩායම නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 238 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 44.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 242 ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායමක් මව්බිමේදී පැවැති එක්දින තරගාවලියක් ජයගත්තේ මාස 44 කට පසුවය.
තරගයේ සම්පූර්ණ විස්තර සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න

ඡායාරූපය - ළහිරු හර්ෂණ

