ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්


(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් කොළොඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ ද්වී පාර්ශ්වික නිල ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පළමු සාකච්ඡා වටය ඉකුත් 16 වැනිදා පැවැත්වූ බව මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය සඳහා ණය හිමියන්ගෙන් මූල්‍ය සහතිකයක් අවශ්‍ය කෙරෙන අතර මෙම සාකච්ඡා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ගැළපෙන මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා වන සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමට සහ ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට ඉන්දියාවේ සහයෝගය සංකේතවත් කෙරෙන බව එම නිවේදනයේ දැක්වේ.