
(යොහාන් භාසුර )
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිල්හෙට්හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 206 ක් රැස්කිරීමට සමත් විය.
බංග්ලාදේශ පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 10.35 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 207 ක් රැස්කළ යුතුය.
සදීර සමරවික්‍රම පන්දු 48 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 61 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 21 කින් නොදැවී ලකුණු 44 ක් රැස්කළ අතර එම ලකුණු 44 ට හයේ පහර 6 ක් ඇතුළත් වීම කැපී පෙනුණි.
ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 3 ට 206
(කුසල් මෙන්ඩිස් 59, කමිඳු මෙන්ඩිස් 19, සදීර සමරවික්‍රම නොදැවී 61, චරිත් අසලංක නොදැවී 44)

