
(අංජුල මහික වීරරත්න)
මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපොළෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සඳහා බිම් මෙහෙවර සේවා සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මාලේ ගුවන් තොටුපොළෙහි දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සඳහා බිම් මෙහෙවර සේවා සපයා ගැනීමේ වර්තමාන කොන්ත්‍රාත්තුව 2026 -03-31 දිනෙන් අවසන් වීමට නියමිත ය. ඒ අනුව, එකී සේවාවන් සපයා ගැනීම පිණිස එම ගුවන් තොටුපොළෙහි බිම් මෙහෙවර සේවා සපයනු ලබන එකම සේවා සැපයුම්කරුගෙන් යෝජනාවක් ලබා ගෙන ඇත. එම යෝජනාව ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව 2026-04-01 දින සිට වසර 03 ක කාලසීමාවක් සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව Maldives Ain:ort company Limited වෙත ඇමෙරිකා ඩොලර් මිලියන 16.19 ක මුදලකට පිරිනැමීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

