ශ්‍රී ලංකන් ගුවන් සේවයට වූ පාඩුව මකන්න යයි


(දයාසීලි ලියනගේ)

ශ්‍රී ලංකන් ගුවන් සේවයට 2011 සිට 2014 දක්වා කාලයේ ගුවන් යානා මිලදී ගැනීමේදී පාඩු සිදු කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇමෙරිකා ඩොලර් බිලියනයක් (රුපියල් කෝටි 20,000ක) වන්දි ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවැරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය

එයාර් බස් සමාගමෙන් මෙම වන්දි ලබා ගැනිම සඳහා මූලික කටයුතු කර තිබෙන බව ද එම ප්‍රකාශකයා පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ අදාල ගුවන් යානා මිලදි ගැනීමේදී කොමිස් මුදල් ලබාදීමේ සිද්ධිය ඇතුළුව කරුණු කීපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදු වූ පාඩුව වෙනුවෙන් මෙම වන්දි මුදල අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එම ප්‍රකාශකය කීය.