(ගයාන් සූරියආරච්චි)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා දූෂණ චෝදනා තුනක් යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන තිබුණි.
එනම්,
2014.01.22 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට අමෙරිකානු ඩොලර් 4512ක් පාඩු කිරීම.
2014.01.26 වැනි දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටත්ව යාමට සිටි මගීන් 75 දෙනෙකු UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් අමෙරිකානු ඩොලර් 19,160ක් රජයට පාඩු කිරීම.
2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් 1,250,000 වියදම් කිරීම යන චෝදනා යටතේය.
වික්‍රමසිංහ මහතා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
(ගයාන් සූරියආරච්චි)
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකරනු ලබන විමර්ශනවලට අනුව වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාගැනීම සදහා එම කොමිසමට කැදවූ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.