ශ්‍රී ලංකන් ගැන හොයන්න පත්කළ කමිටුවේ වාර්තාව ජනපතිට


(නාලක සංජීව දහනායක)

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අද (2)  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී  පිළිගන්වනු ලැබීය.

ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ වාර්තාව එහි සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා විසින් ජනපතිවරයාට පිළිගන්වන ලදී.

2006 ජනවාරි 01 වැනිදා සිට 2018 ජනවාරි 31 වැනිදා දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම හා මිහින් ලංකා පෞද්ගලික සමාගම යන ආයතනවල සිදුවූ බව කියන අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පසුගිය වසරේ ජනවාරි 31 වැනිදා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කරන ලදී.