(ඉන්දිකා රාමනායක)
පොලිස්පතිවරයා විසින් අත්තනෝමතික ලෙස පොලිස් ඇදිරි නීතිය පැනවීම නීති විරෝධි බව ශ්‍රි ලංකා මාවන හිමිකම් කොමිසම පවසයි.
මෙලෙස ඇදිරි නීතිය පැනවීමෙන් ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් කර සිදු ඇති බවද එම කොමිසම දන්වා සිටියි.
යම් පොලිස් බල ප්‍රදේශයක සාමය කඩවීමක් ක්‍රියාවක් සිදු වුවහොත් අදාල පොලිස් බල ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියාට එය පාලන කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත්, සාමය කඩ කිරීමේ සිද්ධියක් වාර්තා වී නොමැති අවස්ථාව යම් සිදුවීමක් සිදු වෙතැයි අනුමාන කරමින් ජනතාවගේ අයිතීන් අහිම කරමින් ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීම නිති විරෝධි බවද ශ්‍රි ලංකා මනව හිමිකම් කොමිසම පෙන්වා දෙති.
අධිකරණයෙන් නියෝග ලබා ගැනීමට අපොහොසත් වීම නිසා රජය නීති විරෝධී ආකාරයෙන් මෙම විරෝධතා වැලැක්වීමට උත්සහ ගෙන ඇති බවද කොමිසම පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ජනතාව වෙත කරුණු පැහැලිදි කළ යුතු බවද ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වැඩිදුරත් දන්වා සිටියි.
අරගලකරුවන් කොළඹ පැමිණීම වලැක්වීම සදහා පොලීස්පතිවරයා ඉකුත් (8) රාත්‍රි 9.00 සිට නැවත දැනුම් දෙනතුරු බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 පොලිස් ඇදිරි නීතිය පනවා තිබු අතර, එම ඇදිනීතිය පැනවීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වීම හේතුවෙන් පසුදින (9) පෙරවරු 8.00 ට එම ඇදිරි නීතිය ඉවත් කර තිබුණි.