
(ඩබ් ඒ පියතිලක)
කොළඹ සිට පොලොන්නරුවට කලක පටන් ශරීර අභ්‍යන්තරයේ සඟවාගෙන හෙරොයින් රැගෙන එන පුද්ගලයකු අද (26) හෙරොයින් පැකට් 22ක් සමඟ පොලොන්නරුව නගරයේ දී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පොලොන්නරුව 4 ඇළ ප්‍රදේශයේ පදිංචිව සිටින (24) හැවිරිදි ආබාධිත පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා කාලයක පටන් ආබාධිත පුද්ගලයෙක් ලෙස පෙනී සිටිමින් කොළඹ ගොස් ශරීර අභ්‍යන්තරයේ මත්කුඩු සඟවාගෙන පොලොන්නරුව ඇතුළු නගර කීපයකට බෙදාහරින බව පොලිසිය කළ ප්‍රශ්න කිරිම් වලදී පවසා තිබේ.
පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිට ලද තොරතුරක් අනුව මෙම සැකකරු පෙර දින කොළඹ ගොස් මතු කුඩු රැගෙන අද (26) දින නැවත පොලොන්නරුවට රැගෙන එන බවයි.
එම තොරතුරු අනුව සැකකරු පැමිණෙන පුද්ගලික බස් රථය හඳුනාගෙන එම බස් රථයට මින්නේරිය ප්‍රදේශයෙන් පොලිස් නිළධාරින් නැග සැකකරු ලුහුබදිමින් පොලොන්නරුව තෙක් පැමිණ තිබේ.
සැකකරු පොලොන්නරුවෙන් බස් රථයෙන් බසිනවාත් සමග අත්අඩංගුවට ගෙන පරික්ෂා කර තිබේ. ඔහු සතුව කිසිවක් නොමැති බැවින් වැඩිදුර ප්‍රශ්න කිරිම හමුවේ සැකකරු විසින් පවසා ඇත්තේ තමන්ගේ ශරීර අභ්‍යන්තරයේ හෙරොයින් වර්ගයේ මත්කුඩු පැකට් 22ක් තිබෙන බවයි.
පසුව පොලිසිය විසින් සැකකරුට වැසිකිළි යැමට කටයුතු සලසා දී කුඩු පැකට් 22ක ලබා ගෙන ඇත. සැකකරු පවසා ඇත්තේ පොලොන්නරුව , හිගුරක්ගොඩ, මැදිරිගිරිය , කදුරුවෙල ඇතුළු නගරවල තරුණයන්ට තමන් කොළඹින් තොග වශයෙන් රැගෙන එන කුඩු ලබා දෙන බවයි.
මේ වන විටත් මෙම පුද්ගලයා කුඩු ලබා දෙන පුද්ගලයින් පිළිබඳ විමර්ශන අරඹා එම අය ද අත්අඩංගුවට ගැනිමට කටයුතු සිදු කර ඇති පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්කුඩු හෙට (27) දිනයේ පොලොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

