(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා කාලසීමාවේදී රජයේ වෛද්‍යවරුන්ගේ අමතර දීමනා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .
ඒ සඳහා සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මෙම අමතර දීමනා වැඩි කිරීම මාස 4 ක කාල සීමාවක් සඳහා බල පැවැත්වෙනු ඇත .
වෛද්‍යවරුන්ගේ දෛනික අමතර සේවා පැය ගණන පැය හතරෙ සිට පැය 8 දක්වා ද ,මාසික අමතරව සේවා පැය ගණන පැය 120 සිට 180 දක්වා ද වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවි ඇත.

