(දිලීප් ජයසේකර සහ කේ.පී.සුමනදාස)
වසර 11ට පෙර සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාගේ නිළ නිවසේ පිහිටි වතුර ටැංකියට වස මුසු කර වෛද්‍ය වරයා,බිරිද හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමට තැත්කල එම රෝහලේම සාත්තු සේවකයෙකුට වසර 20ක බරපතළ වැඩ සහිත සිර
දඩුවමක් ඇඹිළිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා නියම කළේය.
ඒමෙන්ම රුපියල් 20,000ක දඩයක් ද නියම කෙරිණි.
මෙලෙස සිර දඩුවම් නියම කෙරුණේ එවකට සෙවනගල රෝහලේ සාත්තු සේවකයෙකු ලෙස කටයුතු කල සෙවනගල පදිංචි 53 හැවිරිදි නම්මුනි ආරච්චිගේ නිමල් රංජිත් නැමැති අයෙකුටය. රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු වෛද්‍යවරයාට එරෙහිව සාක්ෂි ඉදිරිපත් නොවිම හේතුවෙන් ඔහු නිදොස් කෙරිණි.
සෙවනගල ශ්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වරයා වශයෙන් සේවය කල ජී.වී. චාමින්ද විතානගේ මහතාගේ නිළ නිවසේ පිහිටි ජල ටැංකියට කිසියම් අයෙකු වස මුසු කර තමන් ඇතුළු පවුලේ උදවිය ඝාතනය කිරිමට තැත් කර ඇති බවට අදාල වෛද්‍ය වරයා විසින් සෙවනගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව පරීක්ෂණ පැවැත් වූ සෙවනගල පොලිසිය සිද්ධියට සැකපිට සෙවනගල රෝහලේ සේවය කල නිමල් රංජිත් නැමති සාත්තු සේවකයා හා එම රෝහලේම වෙනත් වෛද්‍ය වරයෙකු අත්අඩංගුවට ගෙන ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

